විදු ඇස බබුළුවනා අගරානී
සැරද වරාපිටි පාසල් මෑණී....//
දෙස බස රැකුමට - රට සරු කෙරුමට
දින දින පෙරට යමවු....//
නැණස පහදවා - අදුර දුරැර දා
ජය හඩ දසත නගවු....//
පරහිත සුවයට අතහිත දීලා
සිත තුල පුහු අභිමානය දුරලා
කුසීතකම් මැඩ - හෙළ දරුවන් සේ
දියුණුවෙ මගම යමවු....//
නැණස පහදවා - අදුර දුරැර දා
ජය හඩ දසත නගවු....//
ගුරු දෙගුරුන් හට කීකරු වීලා
දින දින ගුණ නුවණින් වැඩි වීලා
එක සොයුරන් සේ - සමගිව එක්වී
සිරිලක බබුළුවමු....//
නැණස පහදවා - අදුර දුරැර දා
ජය හඩ දසත නගවු....//
විදු ඇස බබුළුවනා අගරානී
සැරද වරාපිටි පාසල් මෑණී....//
අප පාසලේ පාසල් ගීතයට සවන් දීමට මෙය මත Click කරන්න.





