හ/වරාපිටිය ජාතික පාසල

තෙවන වාර වාර විභාගය ආරම්භ වේ.

Screenshot2024-07-17114156.png
Screenshot2024-07-17114156.png

විදුහල්පති පණිවිඩය

A.W.A.V.S. ප්‍රියංකර

දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල කලාපය තුළ දිදුළන ප්‍රමුඛ පෙළේ පාසලක් ලෙස හ/ වරාපිටිය මහා විද්‍යාලය (ජාතික පාසල) ගොඩනැංවීමට හැකි වීම පිළිබඳ ඉමහත් සතුටට පත් වෙමි.එහි දී , නව තාක්ෂණයත් සමඟ මුසුවෙමින් වඩාත් සීඝ්‍ර ගුණාත්මක සංවර්ධනයක් උදෙසා පාසල මෙහෙයවීම සිදු කරන අතර වඩාත් ඵලදායි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළින් දැනුමින් ආකල්පයන්ගෙන් සහ කුසලතාවයන්ගෙන් පිරි දරු පරපුක් නිර්මාණය කිරීම මූලික අරමුණ වේ.

සීඝ්‍රෙයන් වෙනස්වන අධ්‍යාපනික ප්‍රවණතා හඳුනා ගනිමින් ඉදිරි වැඩ ලෝකය සඳහා සන්නද්ධ වූ රටේ සංවර්ධනයට සෘජුවම දායක විය හැකි සුපසන් මනසක් සහිත , ගුණගරුක , මනා පෞරුෂයකින් යුතු පුරවැසියෙකු වරාපිටිය විදු මවගෙන් මේ විශ්ව ගම්මානයට දායාද කිරීමට නිරන්තරයෙන් අපේක්ෂා කරමු.එම අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට දායකත්වය සපයන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, විද්‍යාලීය දුවා දරුවන්ගේ ආදරණීය දෙමාපියන්,ආදි ශිෂ්‍ය සංගමය ඇතුලු නන් අයුරින් සහය දක්වන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි.

A.W.A.V.S. ප්‍රියංකර
විදුහල්පති
හ/වරාපිටිය ජාතික පාසල .